මෙවර ශ්‍රී පාදපත්මය වන්දනාමානයට අවසර

2021 – 2022 වසර සඳහා වන ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භය චාරිත්‍රානුකූලව ,සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් ප්‍රකාශ කරයි.

එමෙන් ම උන්වහන්සේ සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදින ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට බැතිමතුන්ට අවසර ලබාදෙන බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර දෙකක පමණ කාලයක් මෙරට මෙන් ම දෙස්විදෙස් බැතිමතුන්ටද ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව නොලැබීම නිසා මෙවර ර්‍ශ්‍රී පාද වන්දනා වාරය සඳහා ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් සෞඛ්‍ය අංශයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද එන්නත්කරණ කාඩ් පතද රැගෙනයාම තුළින් බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව ලැබෙන බව ද වැඩි දුරටත් සඳහන් වේ.

Exit mobile version