ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවර ලෝක කුසලාන තරඟාවලිය සිය අවසන් ලෝක කුසලානය වන බවයි.
ඒ අනුව එළඹෙන ඉරිදා දිනයේ කටාර් හි පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟය මෙසීගේ අවසන් මහා තරඟය වනු ඇත.
අද (14) දිනයේ ප්රංශය සහ මොරොක්කෝව අතර පැවැත්වෙන තරඟයෙන් ජයග්රහණය කරනු ලබන කණ්ඩායම ඉරිදා ආජන්ටිනා පිළ සමග තරඟවැදීමට නියමිතව තිබේ.
මෙය මෙසීගේ දිවියේ 05 වන ලෝක කුසලාන තරඟාවලියයි.
මේ වන විට වයස අවුරුදු 35ක් වන මොහු ලෝක කුසලාන තරඟාවලියේ ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩි ම ලකුණු රැස්කළ ග්රේබ්රියෙල් බැටිස්ටුටා අභිබවා ගෝල් 11ක් රැස් කර තිබේ.