මෙහෙමත් නීතිවේදීන් !…. මේ මල් මිට ඔයාටයි..!

මා මේ ලියන්නට යන්නේ “පුළුල් රෙදි කඩකින් දෙනෙත් වසාගෙන සිටින, ඔගස්ටින් අධිරාජයා හදුන්වා දුන්  “ජස්ටීෂියා” ගැන නොවේ. එසේත් නොමැති නම් ටයිබීරියන් අධිරාජ්‍ය විසින් රෝමයේ ඉදිකළ යුස්ටීටියා දේවාලයෙන් පසු බොහෝ අධිරාජ්‍යන් යුක්තියේ ආරක්ෂකයන් ලෙස ප්‍රකාශ කල දේවතාවියගේ රූපය ගැන හෝ කියන කතාවක්ද නොවේ.

අපක්ෂපාතීත්වය පෙන්වන යුක්තියේ ආර්යාවගේ දෙනෙත් ඇරවන්නට කතා කරන “ධනය, බලය හෝ වෙනත් තරාතිරම නොබලා යුක්තිය ක්‍රියාත්මක කළ යුතුය යන පරමාදර්ශයට” පන පොවන නීති ප්‍රජාවගෙන් දැක ගත නොහැකි ගුණයන් දැක ගැනීමට නොහැකි නමුත් ඕනා තරම් සිදු විය හැකි නීතිවේදිනියක් පිළිබදව කතාවකි.

නීතිවේදීන් යනු රජයෙන් වැටුප් ලබන කොටසක් නොවන අතර යමෙකුට සේවයක් සලසා දීමෙන් තම ජීවිකාව කරගෙන යන කොටසකි. ඉතින් නීතිවේදීන් ද ඔවුන්ගේ දරු මුනුබුරන්ද ජීවත් වන්නේ සේවයෙන් ලබා දෙන මුදලෙනි. ඒ සේවයට තම යුතුකම සහ  නිසි ලෙසම සිදු කරන නීතිවේදීන් නම් ඇත්තේ අල්පයකි. රාජ්‍ය සේවයත්, දේශපාලන අධිකාරියත් නිසි මග නොයන රාජ්‍යක පුරවැසියන් ලෙසද ඔවුන්ද මෙරට වැසියන්ය. ඒ කෙසේ වෙතත් මානව හිතවාදී නීතීඥ මහත්වරුන් සහ නෝනාවරුන් ද මෙරට ඕනා තරම් සිටිති.

මා පසුගිය දිනක ඇඹිලිපිටියේ දිසා අධිකරණයට ගියේ මගේ හිතවතෙකුගේ නඩු වාර්තාවක් ලබා ගැනීමටයි. අධිකරණ භූමියෙන් පිටත රැදී සිටිමින් මාගේ කටයුත්ත සිදු කර ගැනීමට පැයකට වඩා වැඩියෙන් කාලය ගත වුයේ කොවිඩ් අවධානම නිසා අධිකරණ කටයුතු ඉතා පරිස්සමට සිදු කරන බැවිනි.

නීතිවේදීන් වරින් වර ගේට්ටුව ලගට පැමිණ තමා සේවා දායකයන් සොයා වෙහෙස වන්නේ නීතිවේදීන්ට තිබෙන වුවමනාව සේවා දායකයන්ට නැතිබවද පෙන්වා දෙමිනි. ඒ අතර සැර පරුස පිරිමි පස නීතිවේදීන් “ තමුසේ, බලනවා” වැනි වදන්ද ප්‍රකාශ කරන්නේ නඩු කාර තැනටත් ඉහලින් සිටිමිනි. ඒ අතර තවත් නීතීඥ මහත්වරු “ අයියෝ ඔයා දැන්ද ආවේ, නඩුව අහුනනේ, දිනයක් ගත්ත වගේ කාරුණික වදන්ද , සැර පරුෂ වදන්ද අසුනේ සමහරවිට සේවා දායකයන්ගේ හිතුවක්කාරකම් නිසාද විය හැකිය. ඔය අතරේම තවත් අසුනේ “ සල්ලි නැතිව නම් කතා කරන්න බෑ” එවැනි වදන්ද ඇසෙන විට අපටද මහත් සංවේගයක් ඇති විය. ඒ  මේ අධිකරණ වල  නඩුවලට පැමිණෙන තරමක් පැමිණෙන්නේ අසරණ දුප්පත් මිනිසුන් නිසාය. ඒ අතරේ සුන්දර , දෙනෙත් අහකට ගත නොහැකි තරම් ලස්සන නෝනලා මහත්වරුද නැතිවාම නොවේ. ඒවා දකිද්දී හරියට මට පෙනුනේ කටු ගස් ගොඩක් අස්සේ පිපුණු මල් සුන්දර මල් සේය.  කෙසේ වුවත් සේවයට සරිලන මුදලක් ගෙවිය යුතු බව අපද පිළිගත් යුතුය. එසේ නොමැති නම් වෙනත් රටවල මෙන් මෙරටේද අධිකරණ ක්‍රමය යම් වෙනසකට භාජනය කල යුතුව තිබේ.

මේ සියලු කතා අතරතුර එක් නීතිවේදිනියක් තම සේවා දායකයා ලගට පැමිණෙනු මා දුටුවේ මේ සේවා දායකයා ඉතාම වයසක පුද්ගලයෙකු බැවින් සහ මා අසලම සිටි පුද්ගලයෙකු නිසාය. මේ හුරුබුහුටි නීතීඥ මහත්මිය ලගටම ඇවිත් නඩුවේ විස්තර කියන විට “ අනේ මිස් දෙන්න සල්ලි නම් නෑ” කියන විටම “ නෑ නෑ සල්ලි නැතිනම් ඕනි නැ, ඊ ලග දවසේ නඩුවට එන්න, නඩුව ජුලි 12 “ එහෙම කියූ ඇය නැවතත් ලඟට ඇවිත් නඩුවේ දිනය නැවතත් කියා මතක තියාගන්න යයි පවසා ඇය එනතෙක් බලා සිටි කළු සහ සුදු බින්දු සහිත සාරියක් ඇදගෙන සිටි මැදි වියේ කාන්තාවක් ලගට ගොස් ඇයගේ ද නඩුවක් පිළිබදව කතා කර නැවත අධිකරණ ශාලාව ඇතුලට ගියේය. මේක ලියන මට ඇත්තටම ඇයට මහා ආදරයක් දැනුනේ වැරදි විදියට නම් නොවේ. එකම තැන විවිද හිත් පීඩා වෙන දේවල් දකිද්දී ආදරණීය ලෙස කාට හරි කතා කරන මිනිසුන්ට ආදරේ නොහිතෙන්නේ නම් ඉතින් අප මිනිසුන් විය නොහැක.

ඇඹිලිපිටියේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව පුරාම මෙවැනි නීතිවේදීන් සහ නීතිවේදිනියන් සිටිති. අප දන්නා කියන බොහෝ නීතිවේදීන් සහ නීතිවේදීනියන් මෙවැනි මනුසත් ගති වලින් අනූන බවද, අප නිරන්තරයෙන්ම ඔවුන් සමග කතා බස් කරන්නේ මංකොල්ලා කන බොහෝ දෙනෙකු අතරේ ඔබලා වැනි මිනිසුන් මහපොළවට බරක් නැති නිසාය. එසේම දහසක් පීඩාවන්ගෙන් තෙරපෙමින් අධිකරණය ඉදිරියට පැමිණෙන මිනිසුන්ගේ හදවත සනසනුයේ ඔබ වැනි දෙනෙත් හැර ජීවත් වන “ජස්ටිස්” ආර්යාවන්‍ගේ ඝනයේ නෝනාවරුන් සහ මහත්වරුන්ය. (ජස්ටිෂ් ආර්යාවගේ “කුළුඳුල් ස්වරූපය” තුල දෙනෙත් වසා නැත. ආර්යාවගේ දෙනෙත් වසා දැමු ස්වරූපය පෙන්වන්නේ 16 වන ශතවර්ෂයෙන් පසුව වන අතර අදටත් ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවියට ​​ඉහලින්, ජස්ටිස් ආර්යාවගේ ප්‍රතිමාවක් ඇස් බැන්දුමක් නොමැතිව සිටගෙන සිටියි)

මේ කතාව අපට යොමුකර තිබෙන්නේ ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ පාඨකයෙකි.

Exit mobile version