අද දින උදෑසන මුනිදාස කුමාරතුංග විදුහල අසල බස් නැවතුමේ දී දරුවෙකු බසයෙන් බැසීමට ගොස් අනතුරකට පත්ව තිබෙන බව සමාජ මාද්‍ය ජාල වාර්තා කර තිබේ.
ඒ අවස්ථාවේදී ඒ අසල රාජකාරියේ යෙදී සිටි නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා එම දරුවා තම නිල රථයෙන්ම නවගමුව රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන් බවද නිරාහාරව සිටි එම දරුවාට තම වියදමින් ආහාර පාන ලබා දු බවද සදහන් වේ.
ඒ පිළිබඳව පාසලේ හා පාසල් ප්‍රජාවගේ ගෞරවය පිරිනමමින් එම පුවත පළකර තිබෙන්නේ .විදුහල්පති. INDIKA RAJAPAKSHA ලෙසයි.
ශ්‍රී රාවණා විශේෂ සටහන
පොලිස් නිලදරියෙකුගේ වගකීම සහ රාජකාරිය රැදී තිබෙන්නේ P.O.L.I.C.E යන අකුරු වලිනි. නීති අණ පනත් වල කුමක් සදහන් වුවත්, මේ අකුරුවලින් කියවෙන POLITNESS (ආචාරශීලී බව), OBEDIENT (කීකරුකම),LOYALITY (පක්ෂපාතීත්වය), INTERGRITY (අඛණ්ඩතාව), COURAGE (නිර්භීතකම), EFFICIENCY (කාර්යක්ෂමතාව) (POLITNESS, OBEDIENT,LOYALTY, INTERGRITY, COURAGE, EFFICIENCY) මේ තේරුම් යටතේම පොලිස් නිලදාරීන් රාජකාරිය සිදුකරන්නේ නම් කුමකටද නීති අණ පනත්.
ප්රචණ්ඩත්වය, අපරාධ සහ වෙනත් හානිකර ක්‍රියාවන්ට එරෙහිව මහජනතාව ආරක්ෂා කරමින් නීතියෙන් පවරන ලද රාජකාරි සිදු කිරීම පොලිස් සේවය ඉටු කරයි. පොලිස් නිලධාරීන් නීතියට අනුකූලව ක්‍රියා කළ යුතු අතර, එය ඔවුන්ගේ වගකීම් මට්ටමට අනුකූල වන පරිදි ගරු කිරීම සහ අදාළ වන බව සහතික කරයි.
බොහෝ පොලිස් නිලදාරීන් අතරේ තමන්ගේ දරුවෙකුට සේ බත් කවන පියෙක් නොවන පියෙක් දුටු අපගේ හිත් සසල කලේ සැබවින්ම මෙවන් මිනිසුන් නොවේද මෙරට ට අවශ්‍ය වන්නේ යන හැගීමෙනි.
සමාජයේ බහුතරයක් සමග ගැටෙන එකම රාජ්‍ය ආයතනය පොලිස් දෙපාර්තමේන්තුවයි. අනාගත පරපුරැක ගැන හිතන මේ ආකාරයෙන් හිතන සහ වැඩ කරන පොලිස් නිලදාරීන් ඉල්ලන යුගයක් මේ වන විටත් නිර්මාණය වෙමින් තිබේ. සමාජ මාධ්‍ය ජාලා හරහා ලබා ගත් මේ කාරනාවට අපගේ ගෞරව බහුමානය මෙසේ සටහන් කරන්නේ නවගමුව පොලිස් ස්ථානාධිපති ලෙස සදහන් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා වෙතයි.