මේජර් ජනරාල් අතුල ගලගමගේගෙන් “රාවණාට ඇමතුමක් “

“ යුධ හමුදා මේජර්ට අසාධරණයක් “ මැයෙන් පසුගිය දිනක අප විසින් වාර්තාකරණ ලද පුවතට ප්‍රතිචාර දක්වමින් විශ්‍රාමික මේජර් ජනරාල් ගලගමගේ මහතා  ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලය සමග සම්බන්ද වී  එම පුවතට ප්‍රතිචාර දක්වන ලදී.

එහිදී ඉතාම නිහතමානීව අප හා සම්බන්ද වූ ඒ මහතා, “ පුවත පලකිරීමට පෙර පොඩ්ඩක් විස්තර ඇසුවා නම් ගොඩක් හොඳයි” ලෙසද සදහන් කරන ලදී. හිටපු  යුධ හමුදාධිපතිතුමන්  විසින් ලබා දුන් නියෝගය මත ඔහු එම පරීක්ෂණය සිදු කල බවද , මේජර් තරිදු වීරසිංහ මහතාගේ රැකියාව අහිමි කරන ලෙස හෝ ඔහුට දඩුවම් කරන ලෙස එම පරීක්ෂණ වාර්තාව තුල සදහන් නොකළ බවද ප්‍රකාශ කරන ලදී. එසේම ඔහුගේ වාර්තාවේ සදහන් වන්නේ ජුඩෝ සංගමයේ එවකට දරනු ලැබූ තනතුරෙන් ඉවත් කර සක්‍රීය සේවයේ යෙදවීම  සුදුසු බව පමණක් බවද සදහන් කරන ලදී .

ඒ මහතා තව දුරටත් සඳහන් කලේ , මේජර් තරිදු වීරසිංහ මහතා සේවයෙන් ඉවත් කර තිබෙන බව නොදන්නා බවත්, මේජර් තරිදු වීරසිංහ යනු ඉතාම දක්ෂ අභියෝගාත්මක චරිතයක් බවයි. ක්‍රීඩා අමාත්‍යංශයේ වංචා සහ දූෂණ එළිදරව් කරමින් සිදු කල  කටයුත්ත ඉතාම හොඳ ක්‍රියාවක් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.

මේජර් ජනරාල් ගලගමගේ යනු ඊළාම් යුද්ධයේ දෙවැනි පෙළ ආරක්ෂක වලල්ලේ සිටි බලකා අධිපතිවරයෙකි. ඔහු යුධ පෙරමුණේදී තුවාල ලද පූර්ණ ආබාධිත තත්වයේ සිටින රණ විරුවෙකු බවද කිය වේ.

ඔහුට අනුව මේජර් තරිදු වීරසිංහ මහතා යුධ හමුදාවෙන් ඉවත් කරන ලෙස  සදහන් වාර්තාවක් ඉදිරිපත් කර නැති නම්, ඔහුට දඩුවමක්ද නිර්දේශ කර නැති නම්,  ඔහු ඉවත් කලේ කෙසේද ?. එසේ නම් එවකට සිටි යම් යුධ හමුදාධිපතිවරයෙකු මේ මහතා වැරදි ආකාරයෙන් ඉවත් කර තිබේ. එසේ වැරදි ආකාරයෙන්  ඉවත් කිරීම සදහා නීතිමය වශයෙන් හැකියාවක් නැත. ඒකාධිපති ස්වරූපයෙන් රාජකාරී කිරීමට නම් ආණ්ඩුක්‍රම නීතියක් සහ වෙන්ත් නීති රෙගුලාසි අවශ්‍ය නොවේ.

එසේ නම් මේ මහතා යුධ හමුදාවෙන් ඉවත් කලේ ඇයි?. යම් භාහිර බලපෑමක් තිබුනේද?. එම භාහිර බලපැමට එවකට සිටි කවුරුන් හෝ යුධ හමුදාධිපතිවරයෙක් බිය වුයේද? එම බිය නිසාම මේ නිලදාරියා සේවයෙන් පහ කලේද? ආදී ගැටළු අපට තිබේ. මේ ගැටළු සදහා පිළිතුරු, අපට ලැබෙන නීත්‍යානුකූල ලේඛණ ඔස්සේ  ඉදිරිපත් කෙරේ. අප මේ දෙස දෑස් අයාගෙන බලා සිටින්නේ මෙවැනි කටයුතු මින් ඉදිරියටවත් හමුදාවන් තුල සිදු වීමෙන් වලකා ගැනීමටයි. ආණ්ඩුක්‍රම නීතිය සහ යුධ හමුදා පනතට මෙන්ම රට තුල පවතින වෙනත් නීති වලට අනුව කටයුතු නොකර,  තමන්ට ඕනි ඕනි දේ කිරීම  හෝ අනුන්ට කඩේ ගොස් සිදු කරන වැරදි වලට පිළිතුරු කවදා හෝ අප සැමටම විදීමට සිදුවන බැව් සියලු රාජ්‍ය නිලදාරීන් මෙන්ම සියලු පුරවැසියන් දැන ගත යුතුය .

අප විශ්‍රාමික මේජර් ජනරාල් ගලගමගේ මහතාගේ නම සදහන් කරන ලද්දේ ප්‍රසිද්ධ ලේඛණ මත වන අතර අපට පෙනෙන කරුණු මත සහ සත්‍ය තොරතුරු මත හෝ වෙනත් අයෙකුගේ නීත්‍යානුකූල ඉල්ලීමක් මත ඔහු හෝ ඇය ඉදිරිපත් කරන සත්‍ය තොරතුරු මත හෝ ප්‍රකාශ මත අපගේ පුවත් පළකරයි. අනෙක් පාර්ශ්වයන්ගෙන් විමසීමට යාමේදී බොහෝ අය අප මාධ්‍යවේදීන් සමග ප්‍රශ්න ඇති කරගන්නා බැවින් එසේ විමසීමක් සිදු නොකරන නමුත් පළකිරීමෙන් පසුව ඔවුන් පිළිතුරක් ලබා දෙන්නේ නම් අප එයද ඒ අයුරින්ම පලකිරීමට බැඳී සිටිති.

එබැවින් විශ්‍රාමික මේජර් ජනරාල් ගලගමගේ මහතාට යම් අපහසුතාවයක් සිදු වුයේ නම් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. එසේ වුවද, මේ සිද්ධිය පිලිබදව මේජර් තරිදු වීරසිංහ මහතා යම් ප්‍රකාශයක් නැවත අප වෙත ලබා දුන හොත්  අපට එයද පළ කිරීමට  සිදු වේ. 

මෙයට අදාළ පුවත

https://sinhala.ravanalankanews.lk/7385/12/%e0%b6%ba%e0%b7%94%e0%b6%b0-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%9a%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%a7-%e0%b6%85%e0%b7%83%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ab/31/22/
Exit mobile version