මේජර් ජනරාල් සංජය ගැන ලියු ලිපි ඉවත්කර ගන්නා ලෙස “රාවණාට” බලපෑම්. (සාක්ෂි සදහන්)

යුධ හමුදාවේ සංජය වනසිංහට ගැන ලියු ලිපි ඉවත් කරන්න. රාවණාට බලපෑම්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවැන්නා ලෙස සිටිමින් පසුගිය දා විශ්‍රාම ගිය සංජය වනසිංහ මහතා පිළිබදව ලියන ලද ලිපි ඉවත්කර ගන්නා ලෙස අප ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකයට අමතා ප්‍රකාශ කර තිබේ.

0719868784 යන අංකයෙන් කථා කරන ඔහු ආයතනයට යම් බලපෑමක් එල්ල කරයි. ඉන් කියවෙන්නේ සංජය ඉවත් කිරීම පිටුපස කුමන්ත්‍රණයක් තිබු බවට නැවත වරක් තහවුරු වීමයි. මේජර් ජනරාල් සංජය වනසිංහ ගැන නොව, නොකල යුතුව තිබු නීතිවිරෝදී ක්‍රියාව ලියා තිබීම පිළිබදව ඔවුන්ට උහුලාගත නොහැකි බව එම කතා බහට අනුව පෙනී යයි

ඔහුට සේවා දිගුවක් නොදීම පිළිබදව ඉතා සතුට්න් කථාකරන ඔහු ප්‍රකාශ කරන්නේ අප ආයතනයට මුදල් ලබා දී ඒවා පලකල බවයි. එසේම එම ලිපි ලියන ලද අයට එවැනි මෝඩ ලිපි නොලියන ලෙසටද ඔහු උපදෙස් දෙන ආකාරයත්, ඒවාට පිළිතුරු දෙන ආකාරයත් මැනවින් පටිගත වී තිබේ.

එම දුරකතන ඇමතුම තුලින් කියවෙන්නේ සංජය වනසිංහ ඉවත් කිරීමේ කටයුත්ත ජයග්‍රහණය කල බවත්, ඒ පිටුපස තිබු කුමන්ත්‍රණයේ කථාවයි.

ඉන් නැවතත් සනාථ වන්නේ ජනාධිපතිවරයා සහ සාගල ඇන්දු බවට අප ලියා තිබෙන ලිපි සියල්ල සත්‍ය බවයි.

කථා කරන ලද පුද්ගලයාගේ නම විමසු විට ඔහු ප්‍රකාශ කරන්නේ ” පුරවැසියෙක්” බවයි. ඔහු කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීමට ඔහුට කොන්දක් නැති, යටින් ගේම් ගසන, කෙලින් මුහුණ දීමට නොහැකි පුද්ගලයෙක් බව පැහැදිලිය.

එම ලිපි ඉවත් කරගන්නා ලෙස බලපෑම් කරන එම පුද්ගලයා සමග තවත් සමුහයක් සිටින බවද පැහැදිලි වේ. ඉන් පැහැදිලි වෙන්නේ මෙම කුමන්ත්‍රණකරුවන් රට වැට්ටීම තව දුරටත් සිදු කරන බවත්, රට ගැන සිතා වැඩකරනා පුද්ගලයන්ට ඔවුන් තර්ජනයක් බවයි.

එසේම ඔහුට අනුව, ඔවුන් මුදල් ලබා දී විවිධ පුවත් පලකරගන්නා කණ්ඩායමකි. මෙම ඇමතුම ලබා දුන් පුද්ගලයා සහ කණ්ඩායමට අපට දීමට ඇති පණිවිඩය වන්නේ අප ආයතනයේ කුලියට ලියන්නන් නැති බවත්, ඔබලාටත් කරගත යුතු යම් පළකිරීම් තිබේ, ඒ සදහා අවශ්‍ය සියලු සාක්ෂි ලබා දී පළ කරගත හැකි බවයි.

එසේම මෙම පුවතට දුරකතන අංකය යෙදුවේද ජනාධිපතිවරයා, සාගල රත්නායක මෙන්ම මේජර් ජනරාල් සංජය වනසිංහද සතුරන් කව්රුද යන්න මනාව වටහා ගැනීමට අවශ්‍ය බැවිනි.

අදාල පුවත්.

Exit mobile version