රජයේ රෝහල් “ ICU” යැවීමේ වගකීම ගත යුතු ප්‍රධානතම වගකිව යුතු දෙදෙනා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා වේ. දේශපාලඥයන් ලෙස අමාත්‍යවරයා සිදුකරන්නේ ප්‍රතිපත්ති සම්පාධනය කිරීම පමණි. අමාත්‍යංශ ලේඛ්ම්වරයාගේ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කල යුත්තේ කුමක්ද යන්න නීතිගතව තිබෙන අතර නීතියට අනුව කටයුතු කිරීමේ වගකිව යුත්තන් ලෙස එම දෙදෙනාම ජනතාව පීඩාවට පත්කිරීමේ තවත් චෝදිතයන් දෙදෙනෙකි.
මේ ඖෂධ හිගයට වගකිව යුතු දෙදෙනා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් වන ජනරාල් සංජීව මුණසිංහ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා වූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වේ.
රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමේ ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම්වරයා වේ. ඊයේ අගමැතිවරයා සමග පැවති සකච්චාවකදීද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද ප්‍රකාශ කලේ ඖෂධ ගෙන්වීම පිලිබඳව කිසිදු සැලසුමක් අමාත්‍යාංශය සකසා නොමැති බවයි. කෙසේ වුවත් පසුගිය කාලයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන්නේ ද ඔහු වන අතර ඊට පෙර සිටි අමාත්‍යවරිය ලෙස පවිත්‍රාදේවි වන්නිආරච්චි ද එහි වගකිව යුත්තෝ වෙති.
කෙසේ වුවත් සෘජුවම වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා වන අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා වූ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් අවස්ථා 23 කදී පමණ ටෙන්ඩර් අවලංගු කර තිබේ. එම ලිපිගොනු විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී තිබේ. භාණ්ඩ තොග මිලදී ගැනීම සහ කළමනාකරණය පිලිබදව 2006 අංක 49 ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය තුල මෙන්ම මුදල් රෙගුලාසි වලද පැහැදිලිවම සදහන් කර තිබේ. ඒවාට අනුව කටයුතු කිරීමට යුධ හමුදා ජනරාල්වරයා මෙන්ම වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කටයුතු කර නැති බවට අප සතුව තිබෙන වාර්තා වලින් පැහැදිලි වේ.
ඒ අනුව බලන විට මේ දෙදෙනාම සෙල්ලම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මාතෘ භුමිය සමගයි. ප්‍රසන්න ගුණසේන මහතා ලංකා රෝහල සමගද මනා සබධතාවයක් තිබෙන පුද්ගලයෙකි. මෙසේ ලියාගෙන යනවිට අපට දැනෙන දේ නම් ඔහු රජයේ සෞඛ්‍ය ක්ෂේත්රය බිඳ දමා පුද්ගලික රෝහල් ඉහල නැංවීමේ කටයුත්තක සිටියේද යන්න සාධාරණ සැකයක් ඇති වේ. එසේම ජනරාල්වරයාද වෛද්‍යවරයෙකි. ඔවුන්ගේ යටි අරමුණ වුයේ කුමක්ද යන්න විවිද සැක සංකා පහල වේ.
එසේම පවතින ප්‍රශ්න හදුනා නොගත් ආරක්ෂක ලේඛම්වරයා ඇතුළු රජයේ ඉහල පාර්ශ්වයන්ගේ අදහස නම් මේ සියලුම ප්‍රශ්න මෙන්ම අරගල ඇති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. පසුගියදා ඔහු නොකියා පැවසුවේ අරගල වලට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. එසේ නම් මේ යුධ හමුදා නිලධාරියා මෙන්ම ප්‍රසන්න ගුණසේන මහතාද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙමින් මෙසේ රෝහල් පද්ධතිය බිඳ දැමුවා විය යුතුය.
කෙසේ වුවත් මෙරට නීතියක් තිබේ. නීතියට අනුව ලංකා දණ්ඩනීති සංග්‍රහය මෙන්ම ආයතන සංග්‍රහයෙන්ද, එම පනත් දෙකම මිශ්‍ර කරමින් යුධ හමුදා පනතට අනුව යුධ හමුදා නිලධාරියාටද නීතිය ක්‍රියාත්මක විය යුත්තේ අපරාධ මෙන්ම ආයතනික නීතිය හමුවේය.
ජනතාවගේ ජීවිත උගසට තබමින් තම රාජකාරිය පැහැර හරින මෙවන් පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් පත් කලද, පවතින නීති රාමුව ක්‍රියාත්මක කල යුතුය. වර්තමාන ජනාධිපති ප්රමුඛ පැවති රජය විනාශ කිරීමට හේතුව වුයේ මෙවැනි ක්‍රියාවන් බව ජනාධිපතිවරයා පවා දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.
මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්රය හදිසි තත්වයක් බවට ප්‍රකාශ කර තිබේ. කුමන තත්වයක් ප්‍රකාශ කලද එම තත්වය ඇති කිරීමට කටයුතු කල සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීම වේ. එසේ නොමැතිව මෙරට ගොඩනැගිය නොහැකිබවද, එසේ නොකර තාවකාලිකව කටයුතු කිරීම “අතිසාරේට අමුඩේ ගැසීමක්” වැනි බවද අමතක නොකළ යුතුය.