ඊයේ (03) මේ සිදුවීම සිදු වන්නේ මේ ශ්‍රී ලංකාවේමයි. මේ ආච්චි පාරේ යද්දී බස් එකකින් වැදුණු සුළන් පාරකට විසි වී ගොස් වැටෙනවා. හැබැයි ටික වෙලාවක් යනකන් කවුරුත් කිට්ටු උනේ නැහැ. කොහොම හරි 15 ක් විතර එකතු උණා. එතන හිටිය පිරිමි ළමයි කිහිප දෙනෙක් 1992 කට කතා කල බව පවසා මේ ආච්චිව උස්සල මෙතන තිබුණු කඩ පිලෙන් තැබුවා.
මේ ගමේ අයගෙන් ඒ වෙලාවේ මේ ආච්චිව තියන්න පුටුවක් ඉල්ලුව. හැබැයි කවුරුත් පුටුවක් තියා වතුර ටිකක්වත් දුන්නේ නැහැ. මේ ආච්චිට සැලකුවේ පාරේ යන ගමන් ඒ වෙලාවේ නවත්තපු මෝටර් සයිකල් ටික විතරයි.
මේ සිද්දිය වෙන්නේ හවස 4 ට වගේ. ටික වෙලාවක් යද්දී හිටිය හැමෝම ගියා. ඒත් එක මහත්මයෙක් සහ කාන්තාවක් විතරක් ඉතිරි උණා. දැන් මෙතන ඉන්නේ අර ආච්චි සහ මේ නම නොදත් කාන්තාව සහ නම නොදත් මහත්මයා විතරයි. 1992 කට කතා කල අයවත් කවුරුවත් නැහැ. ඔවුන් දෙදෙනාද දෙපැත්තකට යන අය බව පැහැදිලිවම දක්නට තිබුණා. එතන හිටිය මහත්තය කොහොම හරි අදාළ ප්‍රදේශයට අයත් පොලිසියට කතා කලාම එතනින් 1992 ට කතා කරලා. ඒ මහත්තයත් 1992 ට කතා කරලා කොහොම හරි 6.30 වගේ වෙද්දී 1992 ගිලන් රථය ආවා.
ඒත් මේ ආච්චිට නැගිටින්නවත් බැහැ. රෝහලට යමු කිවම බැහැ කියන්න නම් මේ ආච්චිට පුළුවන් උණා. එහෙම බෑ කීවම 1992 ගිලන් රථ සේවකයන්ට රෝගීන් අරන් යන්න බැහැ. ගිලන් රථයේ පැමිණි පුද්ගලයා සහ මේ මහත්මා සහ එහි රැදී සිටි එම වැදගත් කාන්තාව සමග එක්ව කොහොම හරි මේ අම්මගේ ගමන් බෑගයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගන්නවා. එහි අවසානෙට අමතා තිබු අංකයට කතා කලාම.. “ පේමනි කියල කෙනක් දන්නවද?”… ඔව්… ඒ අපේ ආච්චි අම්මා.. “ එයාට මොකුත් කරදරයක් නැහැ. නමුත් අහවල් දිහාවේ පාරේ වැටිලා ඉන්නවා”… “ අනේ අපේ ආච්චිට මෝකද වෙලා තියෙන්නේ?… “ මොකුත් වෙලා නැහැ.මෙයාව ගෙනියන්න ගිලන්රථයත් ආවා. ඒත් ආච්චි යන්න බෑ කියනවා.” “ අනේ අයියේ ආච්චි කොහොම හරි එක්කගෙන යන්න.” ඒ මේ ආච්චිගේ මිනිබිරියගේ කටහඩයි.
කෙසේ හෝ වගකීම කරටගෙන මේ ආච්චිව ඉස්පිරිතාලෙට අරගෙන ගියේ 1992 ගිලන් රථයෙන්. අවට නිවසක අය ඒ අතරේම බුදු සමිදු වෙනුවෙන් මල් කඩාගෙන ගිලන් පස සකසා පූජා කරන බවද දුටුවෙමි. එහෙත් මේ අසරණ කාන්තාව දෙස නොබැලීමෙන් පෙනී යන්නේ මේ රටේ අපගේම මිනිසුන්ගේ ම්ලේච්ච භාවයයි. රෝහල් ගත නොකරා නම් සමහරවිට උදේ වෙද්දී මේ ආච්චි මිය යන්නත් තිබුණා. එහෙම මිය ගියානම් මේ ගමේ අයට ලොකු පසුතැවිල්ලක් එන්නත් ඉඩ තිබුණා.
කණගාටුවට කාරණාව නම් මේ සිද්දිය උණු ප්‍රදේශයේ කිසිවෙකුත් මේ පැය දෙකක් පමණ කාලය ගත උනත් මේ ආච්චිට වතුර පොදක්වත් ලබා නොදීමයි. අනිත් කාරනවා නම් ගමේ කිසිවෙකුත් මේ අසරණ කාන්තාව රෝහල් ගත කිරීමටවත් කටයුතු නොකිරීමයි. මේ කාන්තාව සමග අවසානය දක්වාම රැදී සිටියේ අර නම් නොදත් මහත්මයා සහා කාන්තාව පමණයි. තමනුත් වයසට යන බව නොදත් මේ මිනිසුන්ට ද අත් වන්නේ මේ ඉරණමම බව ඔවුන්ට නොදැනීම ගැන අප කම්පා විය යුතුය. මේ ගම තිබෙන්නේ මා උපන් දිස්ත්‍රික්කයේම බැවින් එය සදහන් කිරීම මටද ලජ්ජාවට කාරණාවකි. එබැවින් ගම ගැන සදහන් නොකරමි. කොහොම උනත් ශ්‍රී ලංකාව මේ වෙද්දීත් ම්ලේච්ඡ වී තිබෙන බව නම් මේ කතාවෙන් ඔබට තේරෙනවා ඇති. මේ කතාව සත්‍යයක් බව මේ වීඩියෝ එකෙන්ම ඔබට පැහැදිලි වනු ඇත.
එතන රැදී සිට, මේ ආච්චිව රෝහල් ගත කිරීම තෙක් පැය කිහිපයක්ම රැදී සිටි ඒ නම් නොදත් මහත්මාට සහ මහත්මියට අපගේ ආචාරය පුද කරමි. මෙහෙම කරන මිනිස්සුන්ගේ ඉරණමද එසේම විසදෙන බව නම් අමතක කරන්න එපා.