මේ දිනවල අහසේ සේයාපාන බ්‍රහස්පති ,සෙනසුරු සහ සිකුරු

කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවාසීන්ට මේ දිනයන්හි බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු ග්‍රහයින් ඉහළ අහසේ ඉතා පැහැදිලිව දැකබලා ගත හැකි බවයි.

ඉර බැසයාමෙන් පසුව පැය දෙකහමාරක පමණ කාලයක් බටහිර අහසේ මෙම ග්‍රහලෝක තුන එක පෙළට දැකබලා ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version