‘දන්නෝ බුදුන්ගේ’ ගීතය සමග දීපාල්ද සිල්වා මහතා විසින් ගායනා කරන ලද ‘මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’ යන ගීතයද ජාතික උරුමයක් බවට පත් කිරීමට රජය අවදානය යොමුකල යුතු බව කරුනාරත්න පරනවිතාන මහතා ප්‍රකාශ කරයි.
කරු පරණවිතාන මහතා මේ පිළිබඳව ඔහුගේ මුහුණු පොතේ සටහන් තබා ඇත්තේ පහත ආකාරයෙනි.
“සියලුම ළමයින් අනිවාර්යයෙන් දහම් පාසල් යැවීමේ යෝජනාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් පසු ‘දන්නෝ බුදුන්ගේ ගීතය’ ජාතික උරුමයක් බවට පත් කිරීමේ මහා කර්තව්‍යයකට රජය සූදානම් වන බව අසන්නට ලැබේ.
ස්පර්ශනීය හෞතික උරුමයක් ජාතික උරුමයක් බවට පත්කරනා ආකාරයෙන් අස්පර්ශනීය උරුමයක් ජාතික උරුමයක් බවට පත් කළ නොහැකි බව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන්නට ගොස් ඇති වූ අලකලංචියෙන් වත් පාඩම් ඉගෙන ගෙන නැති නිසා දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරන විට ඒ සමගම දීපාල් සිල්වා ගයන ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සූ ‘ ගීතයත් ජාතික උරුමයක් බවට පත්කරන මෙන් රට ජාතිය ආගම ගැන කකියන හැඟිමකින් යුතුව යෝජනා කරමි.”
(කරු පරණවිතාන)