අද (07) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
වාර්තා වන ආකාරයට හෙට (08) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා (09)සබරගමුව විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
මේ සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙන බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබෙන බව තවදුරටත් වාර්තා වේ.