හෙලිකොප්ටරයට බරක් වූ මෛත්රීපාල දොට්ට – ආණ්ඩුව එක්ක ඩීල් එකකුත් ගහගෙනලු
හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් තම සන්ධානයට විශාල බරක් ව තිබු බවත් මේ වන විට තමන් සමඟ නොමැති බවත් හෙලිකොප්ටර් පක්ෂයේ විධායක සභික ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසන්නේ සිරිසේන මහතා තම සන්ධානය කඩා බිඳ දැමීම සඳහා ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමාගෙන ඇති බවයි.
මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ නීතිය සහ සිවිල් නීතිය අතර වෙනස පවා නොදන්නා අයෙකු බවද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී චෝදනා කර තිබෙනවා.