බෞද්ධ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු නිලධාරියා තොරතුරු පනත සතපහකට ගණන් ගන්නේ නැහැ..
බිල් ගෙවන්නේ මහජන මුදලින් වුවත් දුරකතන ඇමතුකමටවත් ප්රතිචාර දක්වන්නේ නැහැ..
- මහ සගරුවන පෙන්වා දෙති.
2016 තොරතුරු දැනගැනීමේ පනත යටතේ රාජ්ය ආයතනයකින් ඉල්ලනු ලබන තොරතුරු දින 14ක් ඇතුළත ලබාදිය යුතු වුවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා එම පනත සතපහකට මායිම් නොකරන අයකු බව බොහෝ දෙනා පවසති.
මෙම නිලධාරියාගෙන් පනත යටතේ තොරතුරු ඉල්ලා සිටියත් හිතමතාම ඔහු එම තොරතුරු ඉල්ලු අයට තොරතුරු දීම මඟ හරින බවත්,තවත් විටෙක තොරතුරු දීම පමාකරන බවත්,තවත් විටෙක ඇසු ප්රශ්නය වෙනුවට වෙනත් අදාළ නොවන පිළිතුරක් ලබාදෙන බවත් තොරතුරු ඉල්ලා සිටි පිරිසක් පැවසුහ.
තොරතුරු ලබාදීම පමාවීම ගැන හෝ වෙනත් කරුණක් විමසිමට හෝ මෙම තොරතුරු නිලධාරියාට දුරකතන ඇමතුමක් දුන්නතත් කිසිම අවස්ථාවක ඊට ප්රතිචාර නොදක්වන බවද ඔවුහු කියති.බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ඇමතුමක් දුන්විට ප්රතිචාර දැක්වුවත් එම දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා දුරකතන ඇමතුමකට පිළිතුරු නොදි උද්දච්චකම් පාන බව එම දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරිහුද පවසති.
මෙම නිලධාරින්ට රජයේ වැටුපට අමතරව දුරකතන දීමනාවක්ද මහජන මුදලින් ගෙවන නමුත් මහජනයාගේ ඇමතුමකටවත් පිළිතුරු දීමට තරම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා නිහතමානි නොවි සිටින්නේ කාගේ බලපුළුවන්කාරකමටදැයි සඟරුවන ප්රශ්න කරති.
තොරතුරු පනත ගණන් නොගන්නා, අඩුම තරමින් දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙම තොරතුරු නිලධාරියා ඉවත්කර මහජනයා සමග ගනුදෙනු කළහැකි සුදුසු නිලධාරියකු පත්කරන ලෙස මම සඟරුවන හා ජනතාව බුද්ධශාසන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.