මොණරාගල ඉඩම් ගොවියන්ට දී නැවතත් විනාශයකට ඇත වනන හැඩ.

ජාතික ආරක්ෂාව පිළිබද ජනපති ජෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානිත්වයෙන් ඊයේ( 01)ජනපති කාර්යාලයෙදී පැවැත්වුණා.තවද අහාර සුරක්ෂිතතාවය පිළිබද ජනපති උපදේශක අචාර්ය සුරේන් බටගොඩ,වනජීවී හා වන සම්පත් සංරක්ෂණය අමාත්‍යාංශය ලේකම් ආර්.එම්.සි.එම් හේරත් ඇතුළු ආයතනික ප්‍රධානින් සහ නිලධාරීන් පිරිසක්ද මෙයට එක්ව සිටියහ.

නැවත වන වගාව සදහා වෙන් කර ඇති  මොණරාගල,කොටියාගල,කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණය දෙපාර්තුමේන්තුවට සතුව හෙක්ටෙයාර් 8000 පමණ  ඇති ඉඩම් සදහා ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සදහා මේ ඉඩමෙන් හෙක්ටෙයාර් 3000 පමණ භුමි ප්‍රමාණයක්  වගා කටයුතු සදහා යොදා ගැනීම පිළිබද මෙහිදී සාකච්ඡා කරන ලදී.ඉතිරි හෙක්ටෙයාර් 5000 වගාවට සුදානම් කරන තුරු තාවකාලික පදනම මත ගොවියන්ට බෙදාදීමට මෙහිදී තීරණය කරන ලදී.

 මෙම කටයුතු වලදී සිදුවන නීතිමය ගැටළු විසදා ගැනිමට නීතිපතිවරයාගේ උපදෙස් ගන්නා ලෙස සාගල රත්නායක මහතා වැඩිදුරටත් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙන ලදී.

කෙසේ වෙතත් වගා කටයුතු සිදුකිරීම විය යුතුමය. නමුත් වනවගාවන් විනාශ කරමින් ඒවා වගාවන් බවට පරිවර්තනය කිරීමෙන් ඉදිරියේදී දැඩි නියගයන් ඇති විය හැකිය. වන සතුන් ඒවා විනාශ කල හැකිය . අතීසාරෙට අමුඩේ ගසන්නා සේ කටයුතු සිදු කළහොත් තව තවත් හානි හානි සිදුවන්නේ මානව සංහතියට පමණක් නොවේ. සමස්ත ජීවයේම පැවත්මටය.

Exit mobile version