මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා තිබූ වෙළඳසැලක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙන අතර එය වෙළඳ සැලක් හා නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලකි.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න පාලනය කළද ඒ වන විටත් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.