සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් දකුණු දිග මොරොක්කෝව ආශ්රිත මුහුදේ දී අනතුරට ලක්ව පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇත.
මියගොස් ඇති පිරිස අතර කුඩා ළමුන්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසර තුළ දී පමණක් එම මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව සංක්‍රමණිකයින් 4,000ක් පමණ මියගොස් ඇති බවයි.