මෝටර් රථයක් සීඝ්‍රගාමියේ ගැටෙයි

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමී  දුම්රියේ මෝටර් රථයක් ගැටී අද (01) දහවල් වනවාසල දුම්රිය පොල අසල හරස් මාර්ගයේ දී අනතුරක් සිදුව ඇත.

අනතුරින් මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේ ම මියගොස් ඇති අතර මෝටර් රථය ගිනිගෙන දැඩි හානි සිදුව ඇත.

මෝටර් රථයේ හටගත් ගින්නෙන් දුම්රියේ එන්ජිමට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා වනවාසල දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තිදරු පියෙක් බව වාර්තා වේ.

Exit mobile version