මෝටර් රථ අලෙවිය ඔන්ලයින්

ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.

වාර්තා වන ආකාරයට එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.

Amazon.com හි Hyundai හි ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පුළුල් කිරීම සඳහා මීට වසර දෙකකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ගයක ඉදිරි පියවරක් ලෙසින් මෙය හැඳින්විය හැකි අතර
මේ හරහා පාරිභෝගිකයින් හට වාහනයක මිල ගණනය කිරීම, අලෙවිය සම්පූර්ණ කිරීමට අලෙවිකරුවෙකු සොයා ගැනීම ඇතුළු කාර්යයන් රැසක් ඉටුකර ගත හැකි වනු ඇත.

Exit mobile version