සේවාලාභීන්ගේ පහසුව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ,මෝටර් රථ ලියාපදිංචියේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල හා භාර දිය යුතු එම්.ටී.ඒ.6 සහ 8 ආකෘතිපත්‍ර ඇතුළත් පිටු 24කින් යුක්ත වාහන පැවරුම් ලියාපදිංචි ආකෘති පත්‍රය සංශෝධනය කර තිබේ.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පිටු 24කින් යුක්ත ආකෘති පත්‍රය පිටු 10කින් යුත් ආකෘති පත්‍රයක් ලෙස සංශෝධනය වී ඇති බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.dmt.gov.lk ඔස්සේ එම ආකෘති පත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ද එම නිවේදනය තුළ වැඩිදුරටත් සඳහන් කර තිබේ.