මෝරාගේ පහරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට.

ප්‍රංශයේ නිව්කැලිඩෝනියා දූපතේ පිහිනමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික 59 හැවිරිදි පුද්ගලයෙකු මෝරෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ පසුගිය මාසයේ ද 49 හැවිරිදි පුද්ගලයෙක් මෝරෙකුගෙ පහරින් ජීවිතක්ෂයට පත් වූ බවයි.

එමෙන්ම මේ වන විට එම මුහුදු තීරයට පිවිසීම තාවකාලිකව නවතා ඇති බව කියයි.

Exit mobile version