මෝල්ටා චෝදනාවට අනුරගෙන් සැර පිළිතුරක්.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් සඳහන් කොට ඇත්තේ  තමා විසින් මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ අදාළ චෝදනා ඔප්පු කරන ලෙස හා තමා එම චෝදනා එල්ල කරන පිරිස් වෙත අභියෝග කරන බවයි.

මන්ත්‍රී වරයා මෙබව සදහන් කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්  බව සඳහන් වේ.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්  අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා එක්කෙනෙක් කියනවා. ඊට පස්සේ තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ කියලා. ටික දවසකින් මාව හිරේ යවනවා ලු. මම හා අපේ පක්ෂයේ කිසිමකෙනකු මේ රටේ මහජනයාගේ මුදල් සතයක්වත් හොරකම් කරලා නෑ. එහෙම නාස්ති කර තියෙනවා නම් අපිට මේ විදියට දේශපාලනය කරන්න වෙන්නේත් නෑ. දවසක් පාර්ලිමේන්තුවේ දී ජොන්ස්ටන් කිව්වා මට වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් දෙන්න මට බලය තියෙනවා කියලා. මං නැගිටලා කිව්වා, ඒ බලය තිබුණානම් ඉස්සරහා පේළියේ ගොඩක් අය ඇතුළේ තමයි කියලා. අපි මඩ, අවලාද කිසිදේකට සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මෙහෙම දේශපාලන බෙදීමක් ලංකාවේ මෑත කාලයේ සිදුවුණේ නෑ. ඒගොල්ලේ වෙන වෙන බෙදීම් හැදුවා. එකිනෙකා ඇනකොටා ගන්නා රටක් තමයි ඒ අය හැදුවේ. හැබැයි පළමු වතාවට ප්‍රභූ දුෂිත පැලැන්තියට එරෙහිව පොදු ජනයාගේ ඒකාබද්ධතාවය සහිත ව්‍යාපාරය ගොඩනැගිලා තියෙනවා. ඒක තමා අවස්ථාව. මේක තමා අත්පත් කරගත යුතුම අවස්ථාව.” යැයි සදහන් කර තිබේ.

Exit mobile version