මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පැවැත්වූණු ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයට සහභාගීවූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක පොලිස් භටයෙකු “හෙරොයින් මත්ද්‍රව්‍ය”මිලිග්‍රෑම් 80 ක් සමග මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පොලිස් කොස්තාපල් වරයා රුවන්වැල්ලේ පදිංචි අයෙක් වන අතර පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි අයෙකු බව මහනුවර පොලිසිය පවසන අතර මේ සදහා වැඩිදුර පරික්ෂණද මහනුවර පොලිසිය විසින් සිදු කරයි.
කෙසේ නමුත් ”කිරි කලයට ගොම බින්දුවක් වැටුනා සේ” මෙම පොලිස් නිලධාරියා විසින් සිදුකරන ලද ක්‍රියාව හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපහාසයට ලක්විය.අද වන විට පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව රටේ ජනතාවගේ හදවත් තුළ තැන්පත් වී කළු පැල්ලමට හේතුව ද මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් බව අවධාරණය කළ යුතුව ඇත.
රටේ නීතිය සාමය සුරැකීමට බැඳී සිටින මෙම නිලධාරීන් විසින් සිදුකරන මෙම ක්‍රියා හේතුවෙන් ලෝකයක් ඉදිරියේ සමස්ථ ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම හෑල්ලුවට ලක්වේ.එබැවින් මෙවැනි අවස්ථා වලදී දී ඔවුන් විරුද්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.