යකඩ යකාට මිනිසකු බිලිවෙයි.

ඊයේ (07) දින සවස හෝමාගම, වලව්ව හන්දියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

එම පුද්ගලයා මියගොස් ඇත්තේ  කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී බව පොලීසිය සදහන් කර තිබේ.

මෙලෙස අනතුරින්  මියගොස් ඇත්තේ වයස අවුරුදු  58 ක් පමණ වන හබරකඩ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හෝමාගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version