යටි නුවර ප්රදේශයෙන් අපුරු විවහා උත්සවයක් පිළිබඳව වාර්තා වේ.
එයට හේතුව වී තිබෙන්නේ එකම පවුලේ අම්මයි තාත්තයි,දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දිනකදී විවාහ වීමයි.ඒ අනුව මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර තිබෙන්නේ යටිනුවර ප්රාදේශීය ලේකම් කාර්යාලය විසිනි.
එමෙන්ම මෙම සිදුවීමට පාදක වී තිබෙන්නේ මෙතෙක් නිත්යානුකුලව විවාහ නොවීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටළු, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටළු අවම කරගැනීමයි.
ඒ අනුව විවාහ නොවූ පවුල් 19 කගේ විවාහ ලියාපදිංචිය එහිදී සිදු කර තිබේ.
තවද එම විවාහ ලියාපදින්චියේදී මහනුවර දිස්ත්රික් ලේකම්වරයා සහ යටිනුවර ප්රාදේශීය ලේකම්වරයා සාක්ෂි සඳහා අත්සන් කර තිබේ.