ඊයේ (27) උදෑසන මාතර උයන්වත්ත ධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඔහුගේ පුත්‍රයා තුවාල ලබා ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
එසේම 8 හැවිරිදි වියේ පසුවන පුත්‍රයා බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.
මාතර පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාරතා වේ.