දුරකථනයෙන් tik tok වීඩියෝ පටිගත කරමින් යතුරුපැදි ධාවනය කල හොරණ ප්රදේශයේ තරුණ යින් දෙදෙනෙකු මෝටර් රථයක ගැටී මින් සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව ඇත.
යතුරුපැදි ධාවනය කරමින් පැමිණීමේ දී අනතුරට පත්වූ යතුරුපැදියේ දෙදෙනා ඉදිරියේ ගමන් කර ඇති අතර තවත් යතුරුපැදි 03ක් අධිවේගෙන් ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් අධික වේගයෙන් යතුරුපැදි දාවනය කරමින් සිටියදී මෙම අන්තුරට මුහුන දී ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූවන් වෑතර දිසා රෝහල වෙත ඇතුළු කල අතර යතුරුපැදි 03 සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ. තවත් එක් පුද්ගලයකු යතුරුපැදියත් සමග පලා ගොස් ඇති බව වාර්තා වේ.