ජනතා අරගලය සමගින් රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා අද තායිලන්තය වෙත පැමිණ තිබේ. ඒ මහතා සමග අයෝමා රාජපක්ෂ මහත්මියද පැමිණ තිබේ. ඔහු දින 90 ක් සාමන්‍ය පුද්ගලයෙකු සේ එහි රැදී සිටීමට නියමිතව තිබේ. එරට් ඔහුට දැඩි කොන්දේසි පනවා තිබේ.
යමෙකුට තමන් උන් හිටි තැන අහිමි වන්නේ නම් එය මහා පීඩාවකි. ශ්‍රී ලංකාවේ ජනතාව ඔහුව පලවා හරින්නේ අයහපත් පාලනය හේතුවෙනි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා ගත් අසීමිත බලය ඔවුන්ගේ ජීවිත මේ තත්වයට පත් වීමට බලපෑවේය. රට බිඳ වැටෙන්නේ ඔහුගේ පාලන සමයේ බැවින් සහ සියලුම බලතල ඔහු විසින් ලබා ගත් බැවින් මෙම තත්වයට ඔහු සෘජුවම වගකිව යුතුය.
නමුත් පාලනයේ අදක්ෂකම නිසා ගෝඨාභය වගකිව යුතු වුවත් ශ්‍රී ලංකාව මේ තත්වයට පත් කල එකම පුද්ගලයා ඔහු නොවේ. ඔහු රටින් පලා ගියද අපේ භාෂාවෙන් “ දූෂිත දේශපාලන හොරු සහ දූෂිත රාජ්‍ය සේවයේ හොරු” සිය ගනනක් තවමත් යෙහෙන් තමන්ගේ දූෂණ ක්‍රියාකාරකම් කරගෙන යයි. එබැවින් අරගල කල යුත්තේ කුමන පුද්ගලයන් බලයට පත් වුවත් රට පවත්වාගෙන යාමට ඉඩ නොදෙන රාජ්‍ය සේවයේ මාෆියාවට එරෙහිවය.