2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ (26) පැවති තරගයෙන් ආජන්ටිනාව ජය ලබාගන්නා ලදී.
ආජන්ටිනාව ගෝල දෙකට බින්දුවක් ලෙස මෙක්සිකෝව පරාජයට පත් කළා.පසුගියදා සවුදි අරාබියට පරාජයට පත්වූ ආජන්ටිනාව යළි ජයමාවතකට පිවිසීමක් ලෙස මෙය සැළකෙනවා.
64 වැනි මිනිත්තුවේ ආජන්ටිනාවේ ලයනල් මෙසී ගෝලයක් ලබාගනු ලැබු අතර දෙවන ගෝලය එන්සෝ ෆර්නැන්ඩස් ලබාගනිමින් දෙකට බිංදුවක් ලෙස මෙක්සිකෝ පරාජයට පත්කරනු ලැබිණි.