මේ වසර තුළ ඩෙංගු රෝගීන් 7,647 දෙනෙකු වාර්තා වී ඇති අතර ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 6,497 ක් වාර්තා වී ඇති , තවද පෙබරවාරි මාසයේදී රෝගීන් 1,150 ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි
කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛාවක් වාර්තා වී ඇති අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් පමණක් රෝගීන් 1,000 බැගින් වාර්තා වී තිබේ.
පෙබරවාරි මස කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 218 ක්ද,
පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 172 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130 ක්ද වාර්තා වී තිබේ.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.