අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (23) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමීණ තිබුණේ බන්ධනාගාරයේ වහලය මත රැඳීසිටිමින් උපවාසයේ නිරතවන සිරකරුවන් පිරිසකගේ ගැටලු පිළිබඳව විමසීමටය.
එහිදී ඔහු සඳහන් කර සිටියේ යහපත් කල්ක්රියාවක් ඇතිව සිරදඬුවම් විඳින සිරකරුවන්ට සතියක පමණ කාලයක් නිවාඩු ලබා දීමේ හැකියාවක් පවතින අතර ඉදිරියේ දී එම නීතිය ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බවයි.
එසේම ඔහු සඳහන් කර සිටියේ බන්ධනාගාරපනත අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල මගින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් සිරකරුවන් ද මනුෂ්‍යයන් වන අතර ඔවුන් තාප්පවලට සීමා නොකර එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතු බව ඔහු පවසා ඇත.
බන්ධනාගාරය වෙත පැමිණි අධිකරණ අමාත්‍ය ,නීතීඥ අලි සබ්රි මහතා උපවාසයේ නිරතව සිටි සිරකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර සිරකරුවන් විසින් පවසා ඇති ප්‍රධානම කරුණ වන්නේ අභියාචනාවන් ලබා දීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳවය.
ඔවුන් විසින් ඉදිරිපත් කළ ගැටලු සියල්ල ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු සලසාදෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.