2015 වසරේ දී බලයට පත් වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩු සමයේ දී ඔවුන්ගේ ප්‍රධාන පාඨය වූයේ වංචා දූෂණ සෙවීමයි.
ඒ සඳහා එම ආණ්ඩු සමයේ දී ජනපති ප්‍රධානත්වයෙන් වංචා දූෂණ පිළිබඳ සෙවීමේ විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් පත්කළ අතර එහි ලේකම් ධූරය සඳහා පත්කරන ලද්දේ ලැසිල් ද සිල්වා මහතා යි.
ලැසිල් ද සිල්වා මහතා මෑතක දී පැවති සමාජ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්ව සිටි අතර එහි දී ඔහු මේ සභාව පිළිබඳ තොරතුරු රාශියක් ලොවට හෙළි කරන ලදී.
පෙර පැවති ආණ්ඩු සමයේ දී පත්කරන ලද මෙම කොමිසමෙන් එක් අවස්ථාවකදී මොහු ඉවත් කෙරෙන අතර එසේ ඉවත් කිරීමට හේතුකාරක වූ කරුණු දෙකක් පිළිබඳව ඔහු මෙහි දී සඳහන් කරයි.
ඒ අනුව ලැසිල් ද සිල්වා මහතා සඳහන් කරන්නේ තමන් ඇතුලු කණ්ඩායම විසින් මෙම වංචා දූෂණ පිළිබඳ සෙවීමේ කොමිසන් සභාව ඔස්සේ රාජ්‍ය සේවයේ මෙන් ම රාජ්‍ය සේවා නිලධාරීන්ගේ විවිධ වංචා දූෂණයන් මෙන් ම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ පවා විවිධාකාර වංචාවන් හෙළි කිරීමටත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමටත් ආරම්භ කර ඇත.
ඔහු සඳහන් කරන්නේ මෙසේ විනිවිද භාවයකින් යුතුව විමර්ශන කටයුතු කරන අතර තුරදී පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙකුගෙන් මෙන් ම එකළ සිටි අගමැති තුමන්ගෙන් ද විවිධ බලපෑම් පැමිණි බවයි.
ඔහු සිදු කරන විමර්ශන කටයුතු නවතා දමන ලෙසට විවිධ පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වූ බවත් ඔහු ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන කටයුතු කිරීම හේතුවෙන් ඔහුට සිය ධූරය අහිමි වී යන්න ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.
උදාහරණ වශයෙන් රිෂාද් බදියුදීන්ගේ සහල් වංචාවේ දී රාජ්‍ය මුදල් බිලියන 15ක් පමණ අලාභ වූ බවත් එම ගුදම් සීල් කළ විට ඒවා නැවත නිදහස් කරන ලෙස ද බදියුදීන් අමාත්‍යවරයාගේ නිලධාරීන් පැමිණ විටින් විට බලකර ඇති බව ඔහු සඳහන් කරයි.
බොහෝ අවස්ථාවලදී රාජ්‍ය සේවය තවත් පාර්ශවයක අතකොලුවක් ලෙස ක්‍රියාකරන බවත් බොහෝවිට පාර්ලිමේන්තුව ද විවිධ පාර්ශවයන්ගේ අතකොලුවක් ලෙස ක්‍රියාකරන බවත් කිසිදු ස්ථානයක ස්වාධීනත්වය දැක ගැනීමට නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
එමෙන් ම 1979 වසරේ ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව එකළ සාක්ෂරතාවය ශ්‍රී ලංකාවේ 85% ක්ව චීනයේ 66% සහ ඉන්දියාවේ 36% ලෙස ද පැවත ඇත.
එසේම එකල පුද්ගල ආදායම ගත්කළ ශ්‍රී ලංකාවේ ඇ.ඩො.200, ඉන්දියාවේ ඇ.ඩො.150 සහ පාකිස්ථානයේ ඇ.ඩො.190 වශයෙන් දැක්වී ඇත.
එපමණක් නොව විදේශ ණය ප්‍රමාණයන් පිළිබද සැලකීමේ දී ද ශ්‍රී ලංකාවේ ඩො.මිලියන 787ක්, පාකිස්ථානයේ ඩො.මි.6772ක්, තායිලන්තයේ ඩො.මි.1051 සහ කොරියාවේ ඩො.මි.8472ක් ලෙස සටහන්ව තිබී ඇත.
මෙම දත්ත සමාලෝචනයේ දී කැපී පෙනෙන කරුණක් වන්නේ මේ වන විට ලෝකයේ දියුණු රටවල් ලෙස පවතින සෑම රටකටම වඩා අපි ඉහළ මට්ටමක සිට ඇති අතර නමුත් මේ වන විට අපි ඒ සියල්ලන්ට වඩා පහතට වැටී ඔවුන්ගේ ණය වලින් යැපෙන්නන් බවට පත්ව ඇති බවයි.
මෙරට එවන් තත්ත්වයකට ඇද දමන්නේ කවුරුන් ද? රටේ ධනයට මොකද වෙන්නේ? වගකිව යුතු බලධාරීන් කොහෙද ඉන්නේ?මෙවන් ගැටලු රාශියක් පීඩා විඳින සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ නැගෙන නමුත් ඒ සඳහා කිසිවෙකුගෙන් පිළිතුරු ලැබේවි යැයි අපේක්ෂා කළ නොහැක.
ලැසිල් ද සිල්වා මහතා විසින් මෙවන් අනාවරණයන් රාශියක් සිදුකළ අතර අදාළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්,