යළිත් කොරෝනා හිස ඔසවයි…මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ජනතාවට ඉල්ලීමක්..

යළිත් රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (07) දිනයේදී ද කොවිඩ් මරණයක් වාර්තා වී ඇති අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් ක්‍රමක්‍රමයෙන් පෙන්නුම් කරනු ලබයි.

මෙනිසා සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව තවදුරටත් කටයුතු කළ යුතු බවට මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Exit mobile version