මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි පැවැත්වෙන සංගීත සංදඑර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය යළිත් වරක් සීඝ්රයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
එන්නත්වලට ද ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනයවීමේ වැඩි හැකියාවක් මෙනිසා ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මෙනිසා අපරට තුළ පූර්ණ එන්නත්කරණයට ලක් කළද මෙවැනි තත්ත්වයක් තුළ දී එන්නත්වලට පවා පාලනය කළ නොහැකි ප්‍රභේදයක් මතුවීමේ අවධනමක් මේ වන විට වර්ධනය වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.