කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ අතර උතුරු-මැද, මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇති වේ.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දී ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.