ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනයවෙමින් පවතින බැවින් යළිත් වර්ෂා තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අපේක්ෂා කළ හැකි බව වාර්තා වේ.
එම ප්‍රදේශවලට අමතරව සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.