එංගලන්තයේ නිව්යෝර්ක් නුවරදී දෙවන එළිසබෙත් රැජිණගේ ප්රතිමාවක් නිරාවරණය කර ඇත.
ඒ තුන්වන චාල්ස් රජු විසිනි.විදෙස් මාධය වාර්තා කළේ පසුගිය සැප්තැම්බර් මස 08 වනදා රැජිණගේ අභාවයෙන් අනතුරුව විවෘත කෙරුණු පළමු ප්රතිමාව මෙය බවයි.
රැජිණ මියයාමට මාසයකට පමණ පෙර මෙම ප්රතිමාව නිම කර ඇති අතර එය අඩි 06 අගල් 07ක් උසකින් යුතුය.
මෙම ප්රතිමාව ප්රංශ හුණුගල් වලින් සාදා කැටයම් කර ඇති අතර එහි බර ටොන් 02කට ආසන්න බව වාර්තා වේ.
මෙම ප්රතිමාවෙහි ඇති විශේෂත්වය වන්නේ කිරුළ දරා වසර 70ක් පිරීම නිමිත්තෙන් රැජිණට කෙරෙන ගෞරවයක් වශයෙන් ඉදිකර තිබීමයි.