යළි “පුබුදන” කොටි

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙහෙයවන ලද සාකච්ඡාවක් වෙත මෑතකදී යාපන සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් මහතා සහභාගි කරවාගෙන තිබුණි.

එහි දී ඔවුන් යාපනය දිස්ත්‍රික්කය තුළ විටින් විට ඇතිවන විවිධ කැරළි කෝළාහල පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබුණි.

ඒත් සමගම මෙම අරුන් සිද්ධාර්ත් මහතා සඳහන් කරන්නේ ඔහු කෙසේ හෝ යාපනය තුළ බුදු දහම ස්ථාපනය කිරීම සිදු කරන බවත් ඔහු දමිළ පුරවැසියෙක් වුවද බෞද්ධාගම දැඩිව විශ්වාස කරන පුද්ගලයෙක් ලෙස පෙනී යන අතර ඔහුගේ එකම අරමුණ වී ඇත්තේ යාපනය තුළ පන්සල් භූමි ගොඩ නැගීමයි.

යාපනය දිස්ත්‍රික්කය තුළ ආගමික නිදහසක් කිසිසේත් දක්නට නොලැබෙණ බවයි ඔහු මෙහි දී පෙන්වා දෙන්නේ.

ආගමික නිදහස නැති යාපනය තුළ කුලවාදය නම් ඉහටත් උඩින් පවතින බවද ඔහු මෙහි දී සඳහන් කරයි.

“දමිළ,සිංහල,මුස්ලිම්, අඩු ජාතියේ මෙන්ම උසස් කුලයේ යැයි මේ සමාජ තුළ ගොඩනගාගෙන ඇති සෑම වචනයක් තුළම ජීවත්වන්නේ තවත් එක් මනුසත්ත්වයෙක් පමණයි.එම කුමන නමක් යෙදුව ද ඒ සෑම පුද්ගලයෙක් තුළම ගමන කරන්නේ එකම රුධිරයයි.එක රටක් තුළ දිවි ගෙවමින් සිටින අපට කුමට මෙවැනි ජාති ආගම් බේදයන්.” ලෙස ඔහු සදහන් කරයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මෙලෙස භේද කිරීමට දැඩි වශයෙන් උත්සහ ගනු ලබන්නේ දේශපාලඥයන් විසිනි.ඒ ඔවුන්ගේ පුහු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි.එවැනි ක්‍රියාවන්ට රැවටී අපේම රට යළි ලේ විලක් නොකර ලස්සන මිනිසුන් පිරිසක් දිවි ගෙවන දිවයිනක් බවට පත් කරගැනීම අප සැමගේ ඒකායන අරමුණ ලෙස පවත්වා ගතහොත් මෙම පුහු දේශපාලඥයන්ට කළ හැකි කිසිවක් නොමැති නොමැත” ලෙසද ඒ මහතා සාධ්න් කරන ලදී.

කෙසේ නමුත් අරුන් සිද්ධාර්ත් සඳහන් කරන්නේ යාපනය අර්ධද්වීපය තුළ විවිධ අවස්ථාවන්හිද දී ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති කිරීමට බාහිර පාර්ශවයන් උත්සහ දරණ බවත් එම පාර්ශවයන් අතර සිටින එක් ප්‍රධාන අංශයක් ලෙස ඉන්දියාව ද සිටින බවයි.

යාපනයේ ජනතාව උසිගන්වා ප්‍රචණ්ඩත්වය ඇති කර එයින් වාසි ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින එක් පාර්ශවයක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව බව ඔහු සදහන් කරුකරයි.

වෙනත් රටකින් පැමිණ අපේ ජනතාව අවුලවා අපේ රට යළිත් ලේ වගුරක් බවට පත්කරන තෙක් බලා නොසිට මේ සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග මෙම අවස්ථාවේ දීම ගැනීම වඩාත් උචිත වන්නේ අපේ සිංහලයාගේ කියමනක් වන “නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න ඉඩ නොතිබිය යුතුය” යුතුය යන්න අපගේ ද මතයයි .

Exit mobile version