සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 01 වන දා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එසේ විවෘත කරන්නේ නම් යම් සීමාවන් පැනවීමට සිදුවන බවත් ය.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳ සඳහන් කර ඇත.