අද දිනට යෙදී ඇති ජාතික නිදහස් දිනට විරෝධය දක්වමින් යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කොඩි ගසේ සහ ඒ අවට ස්ථානවල කලු කොඩි ඔසවා ඇති බව වාර්තා වේ.
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් දෙකෙහිම සියලු කඩ සාප්පු වසා දමා අද (4) දින ශෝක දිනයක් සහ පූර්ණ හර්තාල දිනයක් බවට පත් කරන ලෙස යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර ඇති බවත් යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පා ගමනක් ද සංවිධානය කර ඇති බව වාර්තා කරයි.