යාපනය ගුරු නගර් ප්රදේශයේ නිවසකට පහරදී පලා ගිය පුද්ගලයන් පස් දෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පෞද්ගලික ආරවුලක් මත එම නිවසට පහර දී ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 – 35 අතර යාපනය ප්රදේශයේ පදිංචි කරුවෝ බවත් සදහන්.
අත්අඩංගුවට ගත් කඩුව සහ යකඩ පොලු දෙක ඇතුළු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා යාපන පොලීසියට භාරදී තිබේ.