යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ .
යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසටයි.
පසුගිය 19 වෙනි දා පමණක් යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 111ක් වාර්තා වූ අතර මේ මාසයේ මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 997 ක් සදහන් .