යාපනය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් පළමු වසරේ සිසුවෙකුට පහර දී බරපතල තුවාල සිදුකර ඇත.
පහරකෑමට ලක්වූ සිසුවා ඊයේ (22) පස්වරුවේ යාපනය ශික්ෂන රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මෙම ගැටුම හටගැනීමට මුල්වී ඇති සිදුවීම වන්නේ නවකවද සිද්ධියක් බව වාර්තා වන අතර පහරකෑමට ලක් සිසුවා මෙම සිදුවීම සම්බන්ධයෙන් යාපනය විශ්විද්‍යාලයේ විනය කමිටුවට ද පැමිණිල්ලක් ගොනු කර ඇත.
ඒ අනුව මේ වන විට යාපනය විශ්වවිද්‍යාලය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.