අද (17) යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සාමාජිකයින් විසින් විශ්වවිද්‍යාලයේ ගේට්ටු වසා දමමින් විරෝධතාවයක නිරතව ඇත.
විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට විශ්වවිද්‍යාලයේ පරිපාලනය කටයුතු කළ යුතු අතර විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලවන බලපෑම් වහා නවතා දැමිය යුතු බවත් විරෝධතාවයේ නිරත ශිෂ්‍ය සංගම් සාමාජිකයින් ප්‍රකාශ කර ඇත.
මෙම විරෝධතාවය විශ්වවිද්‍යාල සිසුන්ට සහ ආචාර්යය මණ්ඩලයට විශ්වවිද්‍යාලය වෙත ඇතුළුවිය නොහැකි වන සේ පිවිසුම් මාර්ග අවහිර කරමින් සංවිධානය කර තිබුණි.
මෙහි දී සිසුන් චෝදනා කර ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය අනවශ්‍ය බලපෑම් සිදුකරන බවයි.