යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළි ඇරඹේ.

අද (12) සිට යළිත් යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කෙරේ.මෙසේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර 02කට අනතුරුවයි.

2019 වර්ෂයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය සමග මෙම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන ලදී.

අද (12) පෙරවරු 10.50 ට චෙන්නායි ගුවන්තොටුපොලේ සිට මගීන් රැගත් පළමු යානය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.

ඒ අනුව එම ගුවන් යානය පෙරවරු 11.50 ට යළි චෙන්නායි බලා පිටව යාමට නියමිතව තිබේ.එමෙන්ම මෙම ගුවන් ගමන් සඳුදා ,අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

Exit mobile version