යාපනෙන් කේරළ ගංජා තොගයක් සොයා ගනී

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරින් සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් කේරළ ගංජා පාර්ශල් 36 ක් සොයාගෙන ඇත.

සමග එක්ව 2024 ජනවාරි මස 10 වන දින 1130 පැයම පමණ සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදි උරුම්පිරායි ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා පාර්සල් 36 ක් (කිලෝ ග්‍රෑම් 80 කට වැඩි ප්‍රමාණයක්) මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කෝපායි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version