යාලට විවේකාගාරයක්

වනජීවී දෙපාර්තමේන්තුවේ  රුපියල් මිලියන 56 ක වියදමින්  වනාන්තරයට අයත් කලාප වල සංචාරය කරන අතරතුර විවේක ගැනීම සදහා  යාල වනෝද්‍යානයට වෙනම විවේකස්ථානයක් ඉදිකිරීමට කටයුතු යෙදී තිබේ.

වන සතුන්ට සහ ගස්කොළන් වලට හානියක් නොවන ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට විවේක ගැනීමට මෙම විවේක ස්ථානය ඉදිකිරීමට කටයුතු කර ඇත.  එහි සංචාරකයන්ට අවශ්‍ය ආහාරපාන සහ ලංකාවේ වනසතුන් සහ වෘක්ෂලතා සම්බන්ධයෙන් සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම දැනට වනෝද්‍යානයේ මුහුද අසල බිම් තීරුවක් සංචාරකයන්ට විවේක ගැනීමට සකස් කරමින් සිටින අතර මෙම වනෝද්‍යානයට දිනකට වාහන 400ක් පමණ දෙස් විදෙස් සංචාරකයන් පැමිණේ.

යාල වනයේ පට්ටනංගල block B කොටසේ මෙම විවේක පරිශ්‍රය ඉදිකරන අතර වාහන 200 පමණ එහි නැවත්වීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇති බවට වාර්තා වේ.

Exit mobile version