පසුගියදා යාල වනෝද්‍යානයට ඩිෆෙන්ඩර් සහ කැබ් රථවලින් ඇතුලු වූ පිරිසක් නීතිවිරෝදී ලෙස හැසිරීම සම්බන්දයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්වන කරුණකි.
වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාල වනෝද්‍යානයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්දයෙන් සෙසු සැකකරුවන් දෙදෙනා සහ වාහන වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි.
මෙහිදී වනජීවී නිලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කලේ මේ වනවිටත් සැකකරුවන් සහ වාහන 7 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
මෙම සිදුවීමට මේ වන විට මසක් පිරීමටත් නියමිතව තිබුනද සියලු සාක්ෂි සතුව තිබියදී පවා වැරදිකරුවන් සියල්ල නීතිය ඉදිරියට රැගෙන ඒමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇත.
මොවුන් මේ ආරක්ෂා කිරීමට උත්සහ දරන්නේ අපරාධකරුවන් පිරිසකි.එනිසා ඔවුන් නීතිය ඉදිරියට රැගෙන ඒම ප්‍රමාද කරන්නන්ද එම අපරාධයේ කොටස්කරුවන් බවට පත්වනු ඇත.
යාල ගැමුණු ඇතා ද වෙඩිපහර කා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බවට පසුගියදා අප වාර්තා කරන ලදී.මනු සතා සියලු සතුන්ට වඩා දරුණු බව මෙවැනි කරුණු වලින් යලි යළිත් සනාථ වෙනු ඇත.
යාල ජාතික සම්පතක් ලෙස සියල්ලන් එක්ව රැකගත යුතු උවත් අද සිදුව ඇත්තේ බල තණ්හාවෙන් ධන තණ්හාවෙන් මොළ ගෙඩි පුරවගත්තවුන් විසින් එම ජාතික සම්පත විනාශ මුඛයට ඇද දැමීමයි.