පසුගිය 23 වනදා යාල වනෝද්‍යානයේ සෙල්ලම් පෙන්වූ ප්‍රභූ පුතුන් පිළිබඳව කෙමෙන් කෙමෙන් අනාවරණය වෙමින් පවතියි.දේශපාලන නායකයින්ගේ ඥාති පුතුන් ද මෙම සිදුවීමට සම්බන්ධව සිටින බව මේ වන විට ඇතැමුන් පෙන්නුම් කර ඇත.
වනෝද්‍යානයකට පෞද්ගලික වාහන ඇතුලු කිරීමට හෝ වනෝද්‍යානයේ සංවේදී කලාප තුළ වාහනවලින් සෙල්ලම් දැමීමට කිසිවෙකුට අයිතියක් නොමැත.සාමාන්‍ය ජනතාවට එක් නීතියකුත් ප්‍රභූ පැලැන්තියට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් යාල වනෝද්‍යාන නිලධාරීන් විසින් මෙම පිරිසට ඇතුලු වීමට ඉඩ ලබා දී ඇති බවක් පෙනී යයි.ඒ කුමන සාධකයක් මත පදනම්ව දැයි තවමත් රහසකි.
පසුගිය 23 වනදා ජීප් රථ සහ ඩිෆෙන්ඩර් රථ 35කට ආසන්න සංඛ්‍යාවක් යාල වනෝද්‍යානයට කඩාවැදෙන අයුරු දැක්වෙන වීඩියෝ පට මේ වන විට මාධ්‍යයට නිකුත්ව තිබුණ ද මේ වන තෙක් මෙම සමස්ථ වාහන තොගය සහ පුද්ගලයින් නීතිය ඉදිරියට රැගෙන ඒමට කිසිවෙක් කටයුතු කර නැත.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ කතා මතුකර ඇත.මෙම වාහන අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව ඒවා පරීක්ෂා කර බැලීම සඳහාත් වීඩියෝපට ලබා ගැනීම සඳහාත් මෙසේ සිදුකළ බව ද ඇතැමෙක් සඳහන් කරයි.
නමුත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා මෑතකදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සාකච්ඡාවකදී අනාවරණය කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලඥයන් ද ඔහුට අමතා මෙම සිදුවීම යටගසන ලෙස ඉල්ලීම් කළ බවයි.
එම දේශපාලකයින් නම් පවසා ඇත්තේ මෙම ප්‍රභූ තරුණයින්ට මුදල්වලට කිරීම යමක් නැතිව ඔවුන් මෙසේ රස්තියාදුවේ යන බවයි.මුදල් වලින්ම මෙම සිදුවීම සැඟවීමට ද ඇතැම් පිරිස් මේ වන විටත් කටයුතු කරමින් පවතින බව ද එහි දී එම මහතා ප්‍රකාශ කර ඇත.
මෙම සිදුවීම පිටුපස ප්‍රධාන පෙළේ දේශපාලන පවුලක සාමාජිකයන් ද සිටින බව ද අනාවරණය වී ඇත.කෙසේ නමුත් මෙම සිදුවීමේ බොහෝ කරුණු මේ වන විට මුදල් වසන්කර හමාරය.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් කරන ලද හෙළිදරව් කිරීම් මෙසේය,