යාල සිද්ධියට අදාළව රාජකාරිය පැහැර හැරි නිලධාරීන්ට වැඩ තහනම්.

පසුගියදා යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිරිහැර වන ලෙස පුද්ගලයින් පිරිසක් හැසිරුනු පුවතක් පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

එම තත්ත්වය පාලනය කර ගැනීමට අපොහොසත් වීම සැලකිල්ලට ගනිමින් අදාළ නිලධාරීන්ගේ සේවය, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් අත්හිටුවීමට පියවර ගන්නා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය ප්‍රකාශ කරයි.

එමෙන්ම එම සිද්ධියට සම්බන්ධ සෆාරි මගපෙන්වන්නන් 07 දෙනෙකුගේ සේවය ද වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ද ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දෙන්නේ මෙවැන්නක් සිදුවන අවස්ථිවක අදාළ නිලධාරීන්ට ඊට මැදිඑහත්වීඹට හෝ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ යුතුව තිබුණ ද ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණු බවයි.

මේ අතර වනජීවි අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබා දී ඇත්තේ මෙසේ සතුන්ට හිරිහැර වන අයුරින් වාහන ධාවනය කරමින් නොමනා ලෙස හැසිර ඇත්තේ කුමන තරාතිරමක පුද්ගලයන් වුවත්  ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිතුමාට ලිපියක් යවන ලෙසයි.

Exit mobile version