යාල හැඩකළ ගැමුණුට වෙඩි තබයි

යාල වනෝද්‍යානයේ සිටි කිසිවෙකුටත් කරදර නොකළ ගැමුණු නැමති දැවැන්ත හස්තිරාජයාට වෙඩිතබා තිබෙන බවටයාල වනෝද්‍යානයේ Adventure කණ්ඩායම අප වෙත දන්වන ලදී.

මේ වන විට මෙම ඇත් රාජයා යාල වනෝද්‍යානයේ “ගිනි කසයා වළ” ළඟ වැටී සිටින බවට වාර්තා වේ.

මෙම ඇත් රාජයාගේ තත්ත්වය බරපතල වන බව ද මේ වන විට එම ප්‍රදේශයට යාමට නොදී මාර්ගය වසා ඇති අතර වනජීවී දෙපාර්තමේන්තුව මෙම ඇතාව සුවකර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන බව යාල adventure කණ්ඩායම අප සමග ප්‍රකාශ කරන ලදී.

කිසිදු මනුෂ්‍යයෙකුට හිරිහැර නොකළ මෙම ඇත්රාජයා මිනිසුන්ගෙන් ආහාර පමණක් ලබාගෙන ඇත.එසේම අවස්ථා තුනකදී තම රැහේ ඇතුන් තිදෙනෙකු සමග සටන් කර තිබේ.

යාලෙ අයාලෙ ගිය කොලු රැල ගැන නොකඩවා ප්‍රචාරය කළ මාධ්‍ය මේ දැවැන්තයා වෙනුවෙන් හඬ නගන්නේ නැහැ. යාලේ බේරා ගැනීමට වහාම ක්‍රියාත්මක විය යුතුව ඇත.

රටේ වන සම්පතේ කොටසක් වන මේ දැවැන්තයන් ටිකෙන් ටික වඳව යන්නේ අපි අතරම ඉන්න නොමිනිසුන්ගේ ක්‍රියා කලාපයන් නිසාවෙන් බව මතක තබා ගත යුතුය.

මේ අහිංසකයා වෙනුවෙන් අදාළ බලධාරීන්ගේ නෙත් හැකි ඉක්මනින් යොමු වි මේ දැවැන්තයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි උපරිමය සිදු කළ යුතුව ඇත.

Exit mobile version